අලුත්ගම අවට හෝටල් රැසක චර්ම‍ රෝගී සේවකයෝ 19ක් හසුවෙති

අලුත්ගම අවට හෝටල් රැසක චර්ම‍ රෝගී සේවකයෝ 19ක් හසුවෙති

දූවිල්ලට නිරාවරණය වන පරිදි ආහාර විකුණු වෙළෙඳුන් 17ක් අත්අඩංගුවට

අත් සහ පාදවල හොරි, දද සහ කුෂ්ඨ ඇතිව හා බුලත්විට සපමින්, අපිරිසිදු ඇඳුම් හැද ආහාර පිසූ අලුත්ගම, බේරුවල, දර්ගානගරයේ, මග්ගොන යන නගරවල හෝටල් සේවකයන් දහනව දෙනකුට ද දූවිල්ලට නිරාවරණය වන පරිදි ආහාර විකිණූ හෝටල් හිමියන් දාහත් දෙනෙකු ද අත්අඩංගුවට ගත්බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා පැවැසීය.

මේ අයට නඩු පැවරීමට ඉදිරියේදී නියමිතය‍.

අත්වල හොරි, දද, කුෂ්ඨ ඇති හෝටල් සේවකයන්ට ප්‍රතිකාර ලබාගෙන ඒවා සුවපත් වූ පසු හෝටල්වල සේවයට නැවත එන්නැයි මෙහිදී නියෝග කෙරිණි.

මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝටල් හිමියන්ට කීවේ මින් ඉදිරියට මෙවැනි රෝග ඇති පුද්ගලයන් සේවයට බඳවා ගතහොත් හෝටල් හිමියනට නඩු පවරන බවයි. තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසා සිටියේ අත්වල දද, හොරි, කුෂ්ඨ ඇති පුද්ගලයන් මින් ඉදිරියට සේවයේ යොදන්නට පෙර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවී තම සෞඛ්‍ය තත්ත්වය පෙන්නා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ අනුමැතියකින් පසු නැවත සේවයට ගත යුතු බවයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා