පරාක්‍රමබාහු රජතුමාගේ සීත මාලිගයට ගිනි තියලා

පරාක්‍රමබාහු රජතුමාගේ සීත මාලිගයට ගිනි තියලා

මුළු දූපතම ගින්නට බිලිවෙයි

ඉපැරැණි සංකේත සියල්ලම විනාසයි

ගිනි නිවීමේ ඇත්තොත් කර ඇරලා

මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ගී‍්‍රෂ්ම සෘතුවේදී වාසය කරන ලද බැව් සැලකෙන පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ ඉදිකොට ඇති සීත මාලිගය කිසියම් පිරිසක් (9) මධ්‍යම රාත්‍රියේ ගිනි තබා විනාශයට පත්කොට තිබේ.

පැය හතරකට අධික කාලයක් පුරා පැවැති මේ ගින්නෙන් මාලිගයේ ඉපැරැණි දෑ විනාශයට පත්ව ඇති අතර ගඩොල් බැමි බිමට සමතලා වී ඇත.

පරාක්‍රමබාහු රජතුමා වාසය කරන ලද මේ මාලිගයේ කාමරවල බිත්ති පුපුරා කළුගල් විසිවී ඇති අතර ඉපැරැණි සංකේත සියල්ලක් ම වැනසී තිබේ. මේ ගිනි තැබීමෙන් මාලිගයේ පිහිටි ප්‍රදේශයේ තිබූ ගස් සහ සියලුම තෘණ වර්ගද ගිනිගෙන ඇත.

ගින්න නිවා දැමීම සඳහා පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාල සේවකයන් වගකිවයුතු අංශවලට දැනුම් දී ඇති නමුත් කිසිවකු ගින්න නිවීම සඳහා සහාය පළනොකළ බැව් ඔව්හු සඳහන් කළහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ රජ මාලිගයේ ආරක්‍ෂාව පිණිස මුරකරුවෙකු මෙතෙක් පත්කර නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා