දෙහිවල සතුන්වත්තේ සීබ්‍රා පැටවකු උපත ලබයි

දෙහිවල සතුන්වත්තේ සීබ්‍රා පැටවකු උපත ලබයි

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේදී ඊයේ (10) අලුයම 2.00 ට පමණ සීබ්‍රා පැටවෙකු උපත ලබා ඇත.

ගැහැණු සතෙකු වන මෙම සීබ්‍රා පැටවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.

පැටවාගේ මව සහ පියා චීනයේ සියැං ජියැං ෂෆාරි සත්ත්වෝද්‍යානයෙන් 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇත.

මෙරටට ඔවුන් ගෙනෙන විට වයස අවුරුදු එකහමාරක් වන බවත් සඳහන් වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා