පොලිස් ගරාජයේ ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයකු අත්අඩංගුවට

ලක්‍ෂ 35ක් කොල්ලකෑවැයි

පොලිස් ගරාජයේ ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ව්‍යාපාරික ආයතනයකින් රුපියල් ලක්‍ෂ 35ක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්‍ධයෙන් නාරාහේන්පිට පොලිස් ගරාජයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුවේ ව්‍යාපාරිකයකුගෙන් ලක්‍ෂ 77ක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්‍ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ගැන තොරතුරු හෙළිව් තිබුණි.

මොහු තවත් පිරිසක් සමඟ එම ව්‍යාපාරික ස්ථානයට ගොස් එම ස්ථානය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව පවසා ලක්‍ෂ තිස්පහක මුදල් කොල්ලකා ව්‍යාපාරිකයාද පැහැරගෙන ගොස් තිබිණි.

පසුගිය මාර්තු මාසයේ වු මෙම සිදුවීම අභිරහසක්ව පැවතුණි.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සමඟ හමුදාවේ දෙදෙනකු සහ සිවිල් පුද්ගලයන් දෙදෙනකුද එම කොල්ලයට හවුල් වී ඇතැයි කියති.

පිටකොටුව පොලීසියෙන් කණ්ඩායමක් මේ කොල්ලයේ සියලු තොරතුරු මේ වනවිට හෙළිකරගෙන තිබේ.

එම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේමන්ත මිරිගම අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේරත්න පොලිස් පරීක්‍ෂක ජයරත්න ඇතුලු කණ්ඩායම පරීක්‍ෂණ සිදුකරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා