නවලෝක අධිපති කලුරිය කරයි

නවලෝක අධිපති කලුරිය කරයි

නවලෝක සමූහ ව්‍යාපාර අධිපති දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මහතා නවලෝක රෝහලේ දී ඊයේ (10 දා) අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වූ මිලින් ධර්මදාස මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ධර්මදාස මහතා මාලනී, රුක්මණී, පුෂ්පා, ප්‍රියානි, ජයන්ත සහ උපාලි දරුවන් සයදෙනාගේ පියා ය. මාතර, සුල්තානාගොඩ උපත ලද ඔහු අගනුවරට පැමිණ ස්වෝත්සාහයෙන් ජීවිතය ජය ගෙන මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු හා මහා දානපතියකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

රාජ්‍ය, ආගමික සහ විවිධ සංවිධානවලින් ගෞරව සම්මානයට පාත්‍ර වූ ධර්මදාස මහතා මිය යන විට අනූ දෙහැවිරිදි වියේ පසු විය. මහජන ගෞරවය සඳහා දේහය කොළඹ – 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ අංක 65 දරන නිවෙසේ තැන්පත් කර තිබේ. අවමඟුල් පෙරහර අනිද්දා (13 දා) සවස 4ට නිවෙසින් පිටත්වන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා