සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩිවේ

සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩිවේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වැටුප 116,162

මහාචාර්ය වැටුප 1,05623

ජූලි මාසයේ සිට බල පැවැත්වෙන පරිදි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කරයි.

ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ චක්‍රලේඛය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් සියලු විශ්වවිද්‍යාලවලට මේ වන විටත් නිකුත් කර තිබේ. ඒ අනුව ආචාර්යවරුන්ගේ ජූලි මාසයට අදාළ වැටුප හිඟ මුදල් ද සමඟ අගෝස්තු මාසයේ වැටුපට ගෙවීමට නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කර ඇති 961 දරන මෙම චක්‍රලේඛයට අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප රුපියල් එක් ලක්ෂ දහසය දහස් එකසිය හැට දෙකකි. මහාචාර්යවරයකුගේ වැටුප වැඩි වී ඇත්තේ එක් ලක්ෂ පන්දහස් හයසිය විසිතුනක් වශයෙනි.

සහය මහාචාර්යවරයකුගේ වැටුප රුපියල් අනූපන් දහස් හත්සිය දාසයකි. පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට රුපියල් 88591 ක් වශයෙනුත් දෙවැනි ශ්‍රේණියේ කථිකාචාර්යවරයකුට රුපියල් 78891 ක් වශයෙනුත් වැටුප් වැඩි වී තිබේ.

මීට අමතරව කථිකාචාර්යවරයකුට රුපියල් 68736 ක් ලෙස වැටුප් වැඩි කර ඇත. පරිවාස කාලයට යටත් ව සිටින කථිකාචාර්යවරයකුට රුපියල් 51512 ක් ලෙස වැටුප් වැඩි වී තිබේ.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු මාස හයක පමණ කාලයක් වෘත්තීය අරගලවල යෙදුණු අතර රජය සමඟ එකඟතාවයකට පැමිණ වෘත්තීය අරගලය අත්හිටුවීමට ආචාර්යවරු පියවර ගත්හ. එහිදී ඇති වූ එකඟතාවයන්ට අනුව මෙම වැටුප් වැඩි වීම් සකස් කිිරීමට රජය පියවර ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා