කාන්තාවන්ට ශ්‍රී ලංගමයේ රියැදුරු රැකියා

කාන්තාවන්ට ශ්‍රී ලංගමයේ රියැදුරු රැකියා

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට රියදුරුවරියන් හා කොන්දොස්තරවරියන් බඳවා ගැනීමට තීරණයකොට ඇත.

කොට්ටාවේ සිට පිටකොටුව දක්වා කාන්තාවන්ට පමණක් සීමා වූ ලංගම බස් සේවාවක් ආරම්භ කළ අවස්ථාවේ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මේ බැව් හෙළි කළේ ය. කාන්තාවන්ට පමණක් ගමන් කළ හැකි බස් සේවාව දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමටද ඉදිරියේදී පියවර ගැනේ. කාන්තාවන්ගේ ආරක්ෂාව මෙන්ම සුව පහසුව ඇති කිරීමට මේ තීරණය ගෙන තිබේ.

මාතර - කොළඹ අධිවේගී මාර්ගය විවෘත කළ පසු ගමනා ගමන මණ්ඩලය මඟින් සුඛෝපභෝගි බස් සේවාවක් ආරම්භ කරන අතර එම බස් සඳහා රියදුරුවරියන් හා කොන්දොස්තරවරියන් යොදවන බව ඇමැතිවරයා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා