මුල් මාස පහේ රාජ්‍ය ආදායම නගී

මුල් මාස පහේ රාජ්‍ය ආදායම නගී

මේ වසරේ මුල් මාස පහේ රජයේ ආදායම රුපියල් කෝටි තිස්පන්දහස් අටසීයයකින් වැඩිවී ඇත.

වසර 2010 මුල් මාස පහට වඩා මේ වසරේ මුල් මාස පහේ රජයේ ආදායම සියයට 19.8කින් ඉහළ ගොස් ඇතැයි වැඩබලන මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති සහ විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේය.

දේශීය ආර්ථික කටයුතුවල වැඩිදියුණුවීම සහ පිටරටින් ගෙන්වන භාණ්ඩ වලට අයකළ ආනයනික බදු ආදායම් වැඩිවීම මේ රාජ්‍ය ආදායමේ ඉහළයෑමට බලපෑ හේතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සමස්ත දේශීය ආර්ථික කටයුතු වල වැඩි දියුණු වීම සහ ආනයන වැඩිවීම තුළ රාජ්‍ය ආදායම ඉහළ යාමට හේතුවක්.

ආනයන වර්ධනය හේතුවෙන් ආනයන බදු වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු හා එකතු කළ අගය මත පැනවෙන බදු වැනි වූ ජාත්‍යන්තර වෙළඳාම මත පැනවෙන බදුවල වර්ධනයන් 2011 වසරේ පළමු මාස කීපය තුළ දැකිය හැකිය.

මෝටර් රථ වාහන සඳහා අදාළ බදු අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෝටර් රථ වාහන ආනයන ඉහළයාමක් මත උපයාගත් නිෂ්පාදන බදුවල සැළකිය යුතු වැඩිවීමක් සිදු වූ අතර ආදායම් බදු ද එහි උපරිම අංශයන්ගෙ දායකත්වය සහිතව ඉහළ අනුපාතයකින් වර්ධනය වීම මුල් කාර්තුවේදී රාජ්‍ය ආදායම වැඩිවීමට හේතු වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා