ග්‍රාම සේවකට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණයක්

ග්‍රාම සේවකට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණයක්

මහබෙල්ලන ග්‍රාම නිලධාරි විමල් ශාන්ත තඹවිට මහතා රාජකාරියේ නිරත වෙමින් සිටියදී පොල්ලකින් පහර දී බරපතල තුවාල සිදු කර සැඟවී සිටින “ළමයා” නමැති සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් ඊයේ (10) බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරින්, සමෘද්ධි අංශයේ නිලධාරීන් හා ග්‍රාම සේවා නිලධාරීන් මේ උද්ඝෝෂණයට එක් විය.

මේ පිළිබඳව පාණදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුමාරදාස හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.

සැකකරු හා නිවෙසේ අය ප්‍රදේශය හැර ගොස් තියෙනවා. බුද්ධි අංශයේ නිලධාරීන් හා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබෙනවා. සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා.

පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එච්. එම්. ධර්මසේන මහතාගේ උපදෙස් මත පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුමාරදාස හෙට්ටිආරච්චි මහතා පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා