අලි සංගණනය ඇරැඹෙයි

අලි සංගණනය ඇරැඹෙයි

දිවයිනේ උතුරු නැඟෙනහිර ඇතුළු ස්ථාන එක්දහස් පන්සියයක (1500) සිදුකරන වන අලි සංගණනය අද (11) ගිරිතලේ ජාතික වන උද්‍යානයෙන් ආරම්භ කෙරේ.

වසර ගණනකට පසු මේ මාස 11, 12, 13 තෙදින තුළ පැවැත්වෙන වන අලි සංගණනය වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. මේ තෙදින තුළ රාත්‍රි කාලයේදී වන අලි සංගණනය සිදුකිරීමට නියමිතය.

සංගණනයේදී රටේ කොපමණ අලින් සංඛ්‍යාවක් සිටීද, ඇතුන් ගණන, වයස් කාණ්ඩවලට අයත් අලි ඇතුන් සංඛ්‍යාව, ගැහැණු පිරිමි අලි ඇතුන් සංඛ්‍යාව ආදිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකි වන බව වන ජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේක මහතා සඳහන් කරයි.

සේම වන අලි වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හඳුනාගැනීමටත් අලි - මිනිස් ගැටුම නවතාලීමට ගත හැකි ක්‍රියාමාර්ග හඳුනාගැනීමට හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා