ලක්ෂ තුනක මැණික් තොගයක් හොරෙන් ගෙන ගොස් දැලේ

ලක්ෂ තුනක මැණික් තොගයක් හොරෙන් ගෙන ගොස් දැලේ

මිහින් ලංකා ගුවන් යානයක් මගින් ඉන්දියාවේ ට්‍රිචී නුවරට රැගෙන යාමට තැත් කළ මැණික් තොගයක් සමඟ සැකකරුවකු පෙරේදා (09) අල්ලා ගැනීමට ගුවන් තොටුපල ආරක්ෂක අංශ සමත් වී තිබේ.

ඉන්දියාවේ ට්‍රිචී නුවරට රැගෙන යාමට තැත් කළ එම මැණික් තොගයේ වටිනාකම රුපියල් තුන්ලක්ෂ විසිදහසක ට අධිකය.

සැකකරු පිළිබඳව සැක සිතූ ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔහුව සෝදිසි කිරීමේදී සපත්තු හා දන්තාලේප අසුරන තුළ සඟවා තිබූ මැණික් තොගය සොයා ගැනීමට හැකිවී තිබේ.

පරීක්ෂණයෙන් අනතුරුව මැණික් තොගය ඊයේ (10) රාජසන්තක කර ඇති අතර සැකකරු අවවාද කර නිදහස් කර තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රාජ්කුමාර් මහතා යටතේ පරීක්ෂණ සිදු කෙරුණු අතර රේගු අධිකාරී ජගත් අබේසේකර, සහකාර රේගු අධිකාරී අල්ටින් පෂ්රි යන මහත්වරු විමර්ශන කටයුතු සිදු කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා