දළදා වීදියේ වීඩියෝ හලකින් කාම චිත්‍රපට 8ක් සොයා ගෙන

දළදා වීදියේ වීඩියෝ හලකින් කාම චිත්‍රපට 8ක් සොයා ගෙන

මහනුවර දළදා වීදියේ පවත්වාගෙන යන වීඩියෝ චිත්‍රපට අලෙවි සැලක් වැටලූ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එහි තිබී විදේශීය කාම චිත්‍රපට 08ක් පෙරේදා (09) අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් වැටලීම් කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර එම කණ්ඩායමක් විසින් මෙම සංයුක්ත තැටි අත්අඩංගුවට ගෙන ඇත.

පෙරහර වීදි සංචාරය කළ දින 07 තුළ අදාළ අංශය මගින් පෙරහර සීමාව තුළ කළ වැටලීම් මගින් කාම චිත්‍රපට අලෙවි කිරීම, බීමතින් හැසිරීම, පෙරහර මාර්ගය අවහිර වනසේ කටයුතු කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම් සිදුකෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා