එකොළොස් දෙනාට එන්න තරගයක් තියෙනවා

එකොළොස් දෙනාට එන්න තරගයක් තියෙනවා

අජන්ත මෙන්ඩිස්

අජන්ත මෙන්ඩිස් මෙහි දී අදහස් දක්වමින්, රංගන හේරත් හා අකිල ධනංජය හොඳින් පන්දු යවමින් සිටින බැවින් කණ්ඩායමේ 11දෙනා අතරට පිවිසීමට තමාට තරගයක් තිබෙන බව කියා සිටියේය.

තමා තරග බිමට පිවිසෙන්නේ ආබාධ සුව වීමෙන් මාස නවයකට පසුව බවත්, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ දී තමා හොඳ සූදානමක් ලබා ගත් බවත් මෙන්ඩිස් කීවේය. 'ඒ මාස නවය මගේ ක්‍රීඩා දිවියේ ලොකුම නිවාඩුවයි. ඒ කාලයේ දී පන්දු යැවීම හැර අනෙකුත් ව්‍යායාම් කෙරුවා.

ඒ කාලයේ දී ශ්‍රේණිගත කිරීම්වල පහළට ගියා. නමුත් මම ශ්‍රේණිගත කිරීම් ගැන ලොකුවට හිතන්නේ නැහැ. විස්සයි 20 ‍ලෝක කුසලාන තරගාවලියේ දී මට ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා.' ඉන්දියා පිතිකරුවන් තමන්ට එරෙහිව හොඳින් ලකුණු ලබා ගන්නා බවට මතයක් තිබුණත් තමා වැඩියෙන්ම කඩුලු ලබාගෙන ඇත්තේ ඔවුන්ගෙන් බව ද මෙන්ඩිස් පෙන්නා දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා