CSN CHAMPS ක්‍රීඩා දක්ෂයෝ 14දා බදුල්ලේ

CSN CHAMPS ක්‍රීඩා දක්ෂයෝ 14දා බදුල්ලේ

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන අති දක්ෂයින්ට ජාතික මට්ටමේ අවස්ථා ලබාදීම අරමුණු කරගත් CSN CHAMPS වැඩසටහනේ දෙවන පියවර මේ මස 14දා බදුල්ල ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාංගණවල දී පැවැත්වේ.

මෙම වැඩසටහන පසුගිය ජුලි මාසයේ මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වු අතර එය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත. පළමු වටයේදී හඳුනාගනු ලබන්නේ වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු, දැල්පන්දු, රගර් හා ‍හොකී ක්‍රීඩාවන්ට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ඉහත ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන අවුරුදු 15ත් 22ත් අතර ඕනෑම අයෙකුට මෙම වැඩසටහනට සහභාගී විය හැක.

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් , ක්‍රිකට්, පාපන්දු , දැල්පන්දු , රගර් හා හොකී යන ජාතික සංගම්ද එක්ව සිටී. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනාගනු ලබන්නේ එම සම්මේලන වලට අයත් ජාතික මට්ටමේ පුහුණුකරුවන් සහ තේරීම් කමිටු නිලධාරීන් විසිනි.

බදුල්ලේදී පැවැත්වෙන CSN CHAMPS දෙවන පියවර සඳහා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී විය හැකි අතර විධිමත් ලෙස ක්‍රීඩාව පුහුණු නොවු ගම් මට්‍ටමේ තරග සඳහා සහභාගිවු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මේ සඳහා සහභාගී විමට හැකි වීම විශේෂත්වයකි.

වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කැමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බදුල්ල ක්‍රීඩාංගණයට පැමිණ තම අයැදුම්පත් ලබාගත හැකි අතර වැඩසටහන පැවැත්වෙන දිනයේ පෙරවරුවේ ද අදාල අයැදුම්පත් ලබා ගැනිමේ හැකියාව ඇත.

දුරකථන අංක 071 8513337 මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා