තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ඕනෑම දේකට ලෑස්තියි

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ඕනෑම දේකට ලෑස්තියි

- තිසර පෙරේරා

තිසර පෙරේරා ‍අදහස් දක්වමින්, තුන් ඉරියව්වෙන්ම කැපී‍ පෙනෙන ක්‍රීඩකයකු වශයෙන් ඕනෑම අවස්ථාවක කණ්ඩායමේ ඕනෑම තැනක ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව තිසර පෙරේරා පවසා සිටියේය.

විස්සයි 20, එක්දින හා ටෙස්ට් යන තුන් ආකාරයේම ක්‍රිකට් ක්‍රීඩාවට තමා කැමති බවත් මේ සියළු ක්‍රීඩාවන් හී තමා පිතිකරණයේ නියැලෙන්නේ එකම 'ස්ටයිල්' එකට බවත් තිසර කීවේය.

හම්බන්තොට ක්‍රීඩා පිටිය පිළිබඳව තමාට පළපුරුද්දක් නැතැයි කී ඔහු පල්ලෙකැලේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක බැවින් එහි ක්‍රීඩා කිරීමට තමන්ගේ වැඩි කැමැත්තක් ඇතැයි ප්‍රකාශ කළේය. ඡායාරූප: රුක්මාල් ගමගේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා