ගම්පහ දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උලෙළ 23දා

ගම්පහ දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උලෙළ 23දා

ගම්පහ දිස්ත්‍රික් 'ශාලිත විජේසුන්දර' අභියෝගතා ශූරතා යෞවන ක්‍රීඩා උලෙළ මේ මස 23දා ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය සඳහා ගම්පහ දිස්ත්‍රික් සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එක්වේ. 24වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළට සමගාමීව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000ක පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙය ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කෙරේ.

අවුරුදු 13-29ත් අතර වයස් සීමාවන් යටතේ කේවල හා කණ්ඩායම් තරග ඉසව් ගණනාවක් තරගාවලියට ඇතුළත් වේ.

ක්‍රීඩා උලෙළේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විශේෂ ගෞරවණීය අමුත්තා ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ගම්පහ දිස්ත්‍රික් සියළු මැති ඇමැතිවරු සහභාගී වෙති.

තරගාවලියට ජාතික තරුණ සේවා සභා‍වේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් නිතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා සමගින් ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා සභා කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය දායකත්වය ලබාදේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා