ජාත්‍යන්තර පාසල් පාපන්දු 20දා සිට

ජාත්‍යන්තර පාසල් පාපන්දු 20දා සිට

ඩයලොග් සන්නාම ප්‍රධානී අහමඩ් ඉර්ෆාන් විසින් ශූරතා කුසලානය සංවිධායක මණ්ඩලයට භාරදුන් අයුරු.

ජාත්‍යන්තර පාසල් අතර පැවැත්වෙන පාපන්දු තරගාවලිය මේ මස 20 වැනිදා සිට පැවැත්වේ.

'ඒ' හා 'බී' ලෙස කාණ්ඩ දෙකක් යටතේ ජාත්‍යන්තර පාසල් 12ක් එක්වෙන මේ තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් පළමු සතියේදී පැවැත්වීමට බලාපොරොත්තු වේ.

පසුගිය වසරේ මේ තරගාවලියේ ශූරතාව‍ කොළඹ ජාත්‍යන්තර පසල දිනාගත් අතර අනුශූරතාව ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගත්තේය. ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට තරග 34ක් ඇතුළත්ය. පළමු වටය ලීග් ක්‍රමයටත් අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටු දැකිමේ ක්‍රමයටත් තරග පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කරති.

'ඒ' කාණ්ඩය යටතේ ගේට්වේ කොළඹ, එලිසබෙත් මෝයර්, රොයල් ඉන්ස්ට්ටියුට්, ආසියා ජාත්‍යන්තර පාසල, නුගේගොඩ ලයිසියම්, ගේට්වේ මහනුවර ද 'බී' කාණ්ඩයෙන් කොළඹ ජාත්‍යන්තර පාසල, බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල, බෙලිවියර්, වත්තල ලයිසියම්, ලින්ටන් පාක්, ඇලතියා ජාත්‍යන්තර පාසල තරග වදිති.

මෙවර තරගාවලිය 11වැනි වරට පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා