දිවි නැඟුමෙන් නොමිලේ පැළ

දිවි නැඟුමෙන් නොමිලේ පැළ

හක්මන කොට්ඨාසයට අයත් දිවි නැඟුම වැඩසටහනෙහි තෙවන අදියර යටතේ මේ වන විට රුපියල් දොළොස් ලක්ෂ අසූ එක්දහස් අටසිය හැත්තෑ පහක් වටිනා විවිධ පැළ වර්ග දහනව දහස් නවසිය පණහක් ගම් මට්ටමින් වගා කරුවන් වෙත නොමිලේ ලබා දී තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඒ සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාදී තිබේ.

බද්ධ කළ අඹ දොඩම් හා අලිගැටපේර ඇතුළු බීජ පැළ යටතේ දෙහි, මුරුංගා, පේර, ඇඹරැල්ලා, ගස් ලබු හා දොඩම් යන පැළ වර්ගත් අපනයන බෝග වගාව යටතේ ගම්මිරිස් පැළ ද මේ අනුව ලබාදී ඇත.

වැඩිම පැළ සංඛ්‍යාවක් ලබාදී ඇත්තේ කොට්ඨාසය තුළ දිවිනැගුම තෙවන අදියර ඇරඹීමේ ප්‍රධාන උත්සවය පැවති උඩුපීල්ලෙගොඩ නැගෙනහිර ගම්මානයට අයත් ගෙවතු වගාව වෙනුවෙනි. අනෙකුත් පැළ වර්ගවලට අමතරව එම ගම්මානය වෙත ගම්මිරිස් පැළ 150ක් ද ලබාදී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා