කළුතර ගල්ලස්සපුර කනිටු විදුහල සංවර්ධනය කෙරේ

කළුතර ගල්ලස්සපුර කනිටු විදුහල සංවර්ධනය කෙරේ

කළුතර අධ්‍යාපන කලාපයේ දුෂ්කර විදුහලක් වන නාගොඩ – ගල්ලස්සපුර කනිෂ්ඨ විදුහල ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධනය කෙරේ.

නාගොඩ - ගල්ලස්සපුර කනිෂ්ඨ විදුහලේ විදුහල්පති සමඟ ආචාර්ය මණ්ඩලය 18කි. සිසු සිසුවියන් 120ක් මේ පාසලේ ඉගෙනුම ලබති. පළමු වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති පැවැත්වේ.

නාගොඩ – ගල්ලස්සපුර කනිෂ්ඨ විද්‍යාලය කටුකුරුන්ද ධර්මපාල විද්‍යාලයේ මිතුරු පාසලක් ලෙස එක්වීමත් සමඟ 5 ශ්‍රේණියෙන් පසුව මෙහි සිසු සිසුවියන්ට කටුකුරුන්ද ධර්මපාල විද්‍යාලයට එක්වී උසස් අධ්‍යාපනය කරගෙන යෑමේ අවස්ථාව හිමි වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා