කොළඹ පාසල් 58ක සිසු සිසුවියෝ ලෝක ළමා දිනය සමරති

කොළඹ පාසල් 58ක සිසු සිසුවියෝ ලෝක ළමා දිනය සමරති

ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ ළමා සෞඛ්‍ය කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් පසුගියදා කොළඹ ලුම්බිණි විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විණි.

කොළඹ නාගරික සීමාවට අයත් පාසල් පනස් අටක පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් දහසකගේ සෞඛ්‍ය හා අධ්‍යාපනික සංවර්ධනය සඳහා අවශ්‍ය භාණ්ඩ සහ පොත්පත් පිරිනැමීම එදින සිදු කැරිණි.

ළමා දිනය තේමා කොටගත් පාසල් චිත්‍ර තරගයේ ජයග්‍රහාකයනට තෑගි සහ සහතික පත් පිරිනැමීමද සිදුකැරුණු අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, ළමා සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය චින්තා කරුණාරත්න සහ ළමා සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා