සැමියකුගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා බිරියන් තිදෙනෙක් නීතිය හමුවට ඇවිත්

සැමියකුගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා බිරියන් තිදෙනෙක් නීතිය හමුවට ඇවිත්

කතුන් තිදෙනෙක් බිරියන් ලෙස තබාගත් බස් කොන්දොස්තරවරයාගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා හතරලියද්ද පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්මානයක පදිංචි කතක් පසුගියදා හතරලියද්ද පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ හඬා වැලපෙමිනි.

පැමිණිල්ල පිළිබඳ වහා ක්‍රියාත්මක වූ හතරලියද්ද පොලීසිය මෙම කාන්තාව බස් කොන්දෝස්තර්වරයා සහ සෙසු කාන්තාවන් දෙදෙනාද පොලීසිය වෙත ගෙන්වීය.

මෙහි එක් අනියම් බිරියකට මොහුගෙන් දරුවකු සිටින බව ද පවසා තිබේ. මොවුන් තිදෙනාම සැමියා ඉල්ලා ගෝරනාඩු කළහ.

කෙසේ හෝ මෙම ගැටලුව සමථයකට පත්කිරීමට පොලිස් නිලධාරින් මහත් ප්‍රයත්නයක් දැරුව ද එය නොහැකි වීමෙන් සිවිල් අධිකරණයක් වෙත ගොස් ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙසද පොලිසියෙන් අවවාද ලැබිණි. මෙහිදී බස් කොන්දොස්තරවරයාට පොලිස් නිලධාරියාගෙන් තදින් අවවාද ලැබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා