ගැබිනි කතකට අසුන පිරිනමන්න මැළිවූ පුද්ගලයකුට කතකගෙන් දෝෂාරෝපණ

ගැබිනි කතකට අසුන පිරිනමන්න මැළිවූ පුද්ගලයකුට කතකගෙන් දෝෂාරෝපණ

අම්පිටිය –අළු­්ගොලලේ මාලා දිනකට දෙවරක් මහනුවර නගරයට යන්නේ තමන්ගේ සැමියා කරගෙන යන කඩේට අවශ්‍ය බඩු ගෙන ඒමටය.

දිනක් මාලා අවශ්‍ය බඩු ගෙන ඒමට නුවර බලා යන බසයකට ගොඩවූවාය. බස්රියේ තරමක් සෙනඟ සිටි අතර තුන්වැනි ආසනයේ අසුන් ගත්තාය.

මාලා සිටි ආසනයේ එහා පැත්තෙන් සිටියේ හැඩි දැඩි පිරිමියෙකි. ගැබිනි මවක් දරුවකු වඩාගෙන බසයට ගොඩ විය.

කොන්දොස්තර කොලුවා කවුරු හරි මේ අම්මට සීට් එකක් දෙන්නැයි කෑ ගැසීය.

මාලාගේ අත බඩු ගෙන ඒමට ගෙන යන බෑග් මළු තෙල් කෑන් තිබූ අතර ඇය වටපිට බැලුවේ ගැබිනි මවට කවුරුන් හෝ අසුනක් දෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

මාලාගේ අසුනේ සිටි හැඩිදැඩි පුද්ගලයා මාලාට වැලමිටෙන් ඇන ගැබිනි මවට අසුන පිරිනමන ලෙස ඉල්ලා සිටියේය.

බඩ දරු අම්මෙකුට සීට් එකක් දෙන්න තමුන් මට වැලමිටෙන් ඇනලා මතක් කරන්න උවමනා නැහැ. අපිත් අම්මලානේ.

ඒත් තමුන් පිරිමියෙක්ද ගෑණියෙක්ද තමුන් ඉඩ නොදී ගෑණියෙක් වෙච්ච මටම සීට් එක දෙන්න කියලා වැලමිටෙන් අනින්නේ යැයි කියනවාත් සමඟම හැඩදැඩි පිරිමියා ඊළඟ බස් නැවතුමෙන් බැස ගියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා