15න් පහළ පාසල් හොකී සම ශූරයෝ:කිංග්ස්වුඩ්-ජෝශප් වාස්

15න් පහළ පාසල් හොකී සම ශූරයෝ:කිංග්ස්වුඩ්-ජෝශප් වාස්

සම ශූරියෝ:මහනුවර සීතා දේවී-මාතලේ සංඝමිත්තා

ශ්‍රී ලංකා හොකී සම්මේලනය මගින් පැවැත්වූ සමස්ත ලංකා අවුරුදු 15න් පහළ හොකී තරගාවලියේදී වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල සම ශූරතා දිනා ගත්තේය.

බාලිකා ශූරතාවද මහනුවර සීතා දේවී හා මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකාව අතරේ බෙදී යාම විශේෂ සිදුවීමක් විය.

පාසල් කණ්ඩායම් 63ක සහභාගිත්වයෙන් දින තුනක් පුරා පාණදුර ශ්‍රී සුමංගල (පිරිමි) මහ විදුහල් ක්‍රීඩා පි‍ටියේදී මේ තරගාවලිය පැවැත්විණි.

මෙහි ආරමිභක උලෙළ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති නි‍යෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර තරගාවලියේ සංවිධානය කළ කළුතර දිස්ත්‍රික් හොකී සංගමයේ සභාපති කේ.ඒ.සිසිර කුමාර, ජ්‍යෙෂ්ඨ උප සභාපති පී.විශ්වනාදන්, පාණදුර පොලිස් අධිකාරි එච්.එම්.ධර්මසේන, ශ්‍රී සුමංගල විදුහල්පති එල්.ඩබිලිව්.‍සෝමතිලක විතාන යන මහත්වරුන් ද එක් වූහ. තරගාවලියේ කුසලාන හා ත්‍යාග ‍ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය එස්.විරිත්තමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

බාලක සම ශූරතා: වෙන්නප්පුව ජෝශප් වාස්-මහනුවර කිංග්ස්වුඩ් විදුහල

බෝල් ශූරතාව: පාණදුර ශ්‍රී සුමංගල (පිරිමි) විදුහල

ප්ලේට් ශූරතාව: කොළඹ ඩී.එස්.සේනානායක විදුහල

බාලිකා සම ශූරතා: මහනුවර සීතා දේවී-මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා

බෝල් ශූරතාව: පාණදුර බාලිකා විදුහල

ප්ලේට් ශූරතාව: නාවල ජනාධිපති බාලිකා විදුහල

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා