ඇසිදිසි ක්‍රිකට් කිරුළ සිවුවැනි වරටත් රජයේ මුද්‍රණ සංස්ථා පිලට

ඇසිදිසි ක්‍රිකට් කිරුළ සිවුවැනි වරටත් රජයේ මුද්‍රණ සංස්ථා පිලට

රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි අනෝන්‍ය මිත්‍රත්වය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය මාධ්‍ය ආයතන 37ක සහභාගීත්වයෙන් 5වැනි වරටත් සංවිධානය කළ ඇසිදිසි ක්‍රිකට් ශූරතාව ර‍ජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පිලට හිමිවිය. තරගාවලියේ ආරාධිතයා වශයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා ඇතුළු ආයතන ප්‍රධානීහු සහභගී වූහ.

අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ස්වාධීන රූපවාහිනි සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම නියමිත ඕවර8 තුළදී කඩුලු 6කට ලකුණු 63ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පිල ඕවර 3.3කදී කිසිවකු‍ නොදැවී ශාලිකා තණතිල්ලේ දැකුම්කළු හයේ පහරවල් එල්ල කරමින් ඇසිදිසි කිරුළ සිවුවැනි වරටත් හිමිකර ගත්තේය.

තරගාවලියේ වීරයා, අවසාන මහා තරගයේ වීරයා, තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පිතිකරු ලෙසට විශේෂ සම්මාන 4ක් හිමිකර ගැනීමට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සංජීව කරුණාරත්නට හැකිවිය.

අවසන් තරග‍යේ දක්ෂතම පන්දු යවන්නා ලෙස ස්වාධීන රූපවාහිනි සේවයේ තරිදු චානක සම්මාන දිනාගත්තේය.

ජයග්‍රාහී කණ්ඩායම මනෝජ් බන්නැහැක මෙහෙයවූ අතර ධනුෂ්ක ලක්මාල්, දර්ශන සුරංග, චාමින්ද උදයකුමාර, සංජීව කරුණාරත්න, සම්පත් ලලින්ද, සිදත් සමරසිංහ, චරිත් ප්‍රියදර්ශන, සම්පත්, චාමර මධුෂංඛ, ඩිලාන් කරුප්පු, සුරේෂ් කුමාර, ගයාන් සංජීව, තාරක, ප්‍රභාත් සමාජිකයන් වූහ. කණ්ඩායම් කළමනාකරු ලෙස එල්.ජී.‍හේවාවිතාරණ, පුහුණුකරු ලෙස චන්දන සමරසිංහ මහත්වරු කටයුතු කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා