වර්ණ ගැන්වූ රතු කැකුළු ටොන් 2 1/2ක් රාජසන්තකයි

වර්ණ ගැන්වූ රතු කැකුළු ටොන් 2 1/2ක් රාජසන්තකයි

මඩකළපුවේ ව්‍යාපාරිකයාට රු: 3000ක දඩයක්

වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් ටොන් 2 1/2ක් අලෙවිය සඳහා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් අයකුට රුපියල් 3000ක දඩයක් නියම කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් ජී. නාමල් පෙරේරා මහතා එම සහල් තොගය රාජසන්තක කළේය.

මෙසේ දඩ නියම වූයේ මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අබ්දුල් ජබ්බාර් අන්වර් ෆවුසි නම් වූ අයටය.

සන්සෙට් යෙලෝ ඊ 110 නම් වූ වර්ණකය මේ සහල්වල අඩංගු බව අධිකරණයේදී අනාවරණය විය. දර්ගා නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුෂ්ක විරාජ් මහතා මොහුට එරෙහිව චෝදනා ගොනු කළ අතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පැමිණිල්ල මෙහෙය වීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා