අවවාදයට බිය වී ශිෂ්‍යාව දුම්රියට පැනලා

අවවාදයට බිය වී ශිෂ්‍යාව දුම්රියට පැනලා

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ශිෂ්‍යාවක් දුම්රියට පැනීම නිසා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙය සිදුවී ඇත්තේ පසුගිය සඳුදා සවස්වරුවේදීය. ගනේවත්ත දුම්රිය ස්ථානයට නුදුරින් මේ ශිෂ්‍යාව ධාවනය වෙමින් පවතින දුම්රියට පැන ඇති බවත් දුම්රියෙහි ගැටී විසිවීම නිසා ශිෂ්‍යාව බරපතළ තුවාල ලබා ඇති බවත් දැනගැනීමට ඇත.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන ලද ශිෂ්‍යවගේ තත්ත්වය බරපතළ වූ නිසා පසුව කොළඹ ජාතික රෝහල වෙත යවා ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවැසේ. මේ ශිෂ්‍යාව දුම්රියට පැනීමට හේතුව කුමක්දැයි නිශ්චිතව ප්‍රකාශ නොවුණ ද පාසලින් දෙන ලද අවවාදයක් හේතුවෙන් බියවී කලකිරීමට පත්වී මේ අනතුර කරගන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

දැන ගැනීමට ඇති පරිදි ශිෂ්‍යාව සම්බන්ධයෙන් වූ ගැටලුවක් මත ඇයට මවුපියන් සමඟ පාසලට පැමිණෙන ලෙස විදුහලින් දන්වා තිබේ. මේ කාරණය ඇයට මානසික වශයෙන් බලපාන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී. තවදුරටත් දැන ගන්නට ඇති පරිදි මේ ශිෂ්‍යාවගේ මවුපියන්ද වෙන්වී ඇත.

ඇය හැදී වැඩී ඇත්තේද මවගේ වැඩිමහලු සහෝදරියක ලඟය. මවුපිය සෙනෙහස අහිමිවීම මත ශිෂ්‍යාව මෙයට ප්‍රථම පරිවාස භාරයෙහි සිටි බවද වාර්තාවෙයි. වැල්ලව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා