ගම්පහ දිවිනැඟුමෙන් පොල් පැළ හාරලක්ෂයක්

ගම්පහ දිවිනැඟුමෙන් පොල් පැළ හාරලක්ෂයක්

දිවි නැඟුම, කප්රුක සහ පාසල් සිසු රෝපණ ව්‍යාපෘති යටතේ මේ වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොල් පැළ හාරලක්‍ෂ දහඅටදහසක් ද, පොල් වගා සංවර්ධන මණ්ඩලය මඟින් පැළ තවාන් යටතේ පොල්

 පැළ එක්ලක්‍ෂ පනස්දහසක් ද වගාකරුවන් අතර බෙදාදීම ආරම්භ කර ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දිවි නැඟුම, කප්රුක වැඩසටහන යටතේ පොල් වගාකරුවන් අතර සහ කුඩා පොල් වතු හිමියන්ට මෙන්ම සියලු පවුල් නියෝජනය වන පරිදි පොල් පැළ බෙදාදෙන අතර එසේ නොමිලේ පැළ බෙදාදීම පොල් වගාකරුවන්ට සහනයක්ව ඇත.

මේ යටතේ දොම්පේ මෑකේ කොට්ඨාසයේ පොල් පැළ බෙදාදීම් මේ දිනවල ආරම්භ කර ඇතැයි පොල් වගා සංවර්ධන මණ්ඩලය පවසයි.

දැනට දිවි නැඟුම වැඩසටහන යටතේ දොම්පේ කොට්ඨාසයේ පොල් පැළ දහඅටදහස් පන්සියයක් බෙදාදී ඇති අතර පැළ තිස්හත්දහසක් බෙදාදීමට ඉලක්ක කර ඇතැයි දොම්පෙ මෑකේ පොල් වගා සංවර්ධන නිලධාරී ඇම්. ඒ. ඩබ්ලිව්. වීරසූරිය මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා