අලින්ටත් ‘රක්ෂණ’

අලින්ටත් ‘රක්ෂණ’

තිස්සමහාරාම විශේෂ රාජා වෛද්‍යසේකරඅලි මිනිස් ගැටුම අවම කිරීමට අලි රක්ෂණාගාර පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ගොවිජන හා වනජීවි නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර අක්කර 600ක අලි රක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

හොරොව්පතාන ප්‍රදේශයේද එවැන්නක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

හොරොව්පොතාන අලි සංරක්‍ෂණාගාර ඉදිකෙරෙමින් පවතින අතර එය 2013දී විවෘත කිරීමට නියමිත බවත් ලුණුගම්වෙහෙර මධ්‍යස්ථානය 2013 දී ඉදිකිරීම් ආරම්භ කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

මාදුරුඔය සහ ගල්ගමුව ප්‍රදේශවලද අලි රක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිත බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා