වන ජීවී කෞතුකාගාරය ගරාජයක

වන ජීවී කෞතුකාගාරය ගරාජයක

මිය ගිය වන අලියකුගේ ඇට කැබලි හා කැබැල්ලකුගේ කොරපොතු බංකුවක් මත ආරක්‍ෂාවක් නැතිව තිබෙන අයුරු.

පොළොන්නරුව අංගම්මැඩිල්ල වන උද්‍යානයේ වන ජීවී කෞතුකාගාරය පිහිටා ඇත්තේ එහි වන ජීවී කාර්යාලයේ ගරාජය ඇතුළතය.

වන අලින්ගේ හිස ඇතුළු ඇට කටු, ගෝන, මුවන්ගේ අං, කැබැල්ල­ෑවකුගේ කොරපොතු ඇතුළු තවත් කොටස් මෙහි ඇත. මේවා ආරක්‍ෂිත ස්ථානයක තබා පාසල් සිසුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට ඉඩ සැලසිය යුතු බව ප්‍රදේශවාසීහු කියති. මේ භාණ්ඩ සියල්ලම ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ තැන්පත් කළ යුතුව ඇතැයි ඔවුහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා