කෙතට-ගතට සුව දෙන පැරැණි වී යළි වපුරයි

කෙතට-ගතට සුව දෙන පැරැණි වී යළි වපුරයි

පැරැණි වී වර්ග වගාකිරීමේ නව වැඩ පිළිවෙළක් ආරම්භ කැර තිබේ. දිස්ත්‍රික් ලේකම් , එච්. එම්. ගාමිණී සෙනෙවිරත්න මහතාගේ යෝජනාවක් අනුව එය ක්‍රියාත්මක කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ මෙහෙයැවීමෙනි.

මේ නව වැඩපිළිවෙළ යටතේ පච්චපෙරුමාල්, හීනැටි, කවඩි, මුරුංගාකායම්, කළුහීනැටි, එච් හතර, සුවඳැල්, ගොඬරවාලු, මිට්ටං, දුරුතාරු යනාදි පැරැණි වර්ග මහනුවර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට යළි හඳුන්වාදීමටත්, ඒවා ප්‍රචලිත කැර වගාවන්ට ගොවීන් දිරිගැන්වීමටත් කටයුතු යොදා ඇත.

කෘත්‍රිම රසායනිකයන් භාවිතයෙන් තොරව පහසුවෙන් වගා කළ හැකි මේ වී වර්ග සහල් කැරගැනීමෙන් පසුව ඒවා මිනිස් සිරුරට බෙහෙවින් පෝෂ්‍යදායක බව පෙන්වා දෙන ගොවීහු මේ වී වර්ග විවිධ පළිබෝධයන්ට මෙන්ම රෝග වලට ඔරොත්තු දීමේ වැඩි ශක්තියකින් හෙබි බව පවසති.

මේ වී වර්ග මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ගොවිජන සේවා කොට්ඨාස 10ක වගාකිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා