කෑගල්ලට සංචාරක කලාප 2ක්

කෑගල්ලට සංචාරක කලාප 2ක්

සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කලාප දෙකක් සංවර්ධනය කිරීමට පියවර ගැනේ.

පින්නවල අලි මාඔයේ දිය නාන අයුරු

මේ යටතේ මාඔය සංචාරක කලාපය හා සීතාවක ගඟ සංචාරක කලාපය වැඩිදියුණු කිරීමට නියමිත බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මාඔය සංචාරක කලාපය සංවර්ධනය කිරීම යටතේ පින්නවල අලි අනාථාගාරය වැඩි දියුණු කිරීම, පින්නවල එළිමහන් සත්වෝද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීම, පදවිගම්පල ගල්මැස්ස හා සංචාරක පුරවරය, උතුවන්කන්ද සරදියෙල් ගම්මානය ප්‍රවර්ධනයට කටයුතු කිරීමට නියමිතය.

සීතාවක සංචාරක කලාපය සඳහා කිතුල්ගල හා කැලණිගඟ මිටියාවත ආශි‍්‍රත සංවර්ධන කටයුතු පුළුල් කිරීමට යෝජිතය. ඒ යටතේ කිතුල්ගල, බෙලිලෙන මාලිබොඩ, ඇලිහත, සීතාවක බැරැණ්ඩි කෝවිල යන ආකර්ශනීය ස්ථාන සංවර්ධනය කෙරෙනු ඇත.

මේ කලාප දෙකෙහිම පාරිසරික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට මූලික අවධානය යොමු කෙරෙන අතර කෙටි කලකදී මේ කටයුතු නිම කිරීමටද යෝජිතය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා