ක්‍රීඩා ඇමැතිට ගෞරව නාමෝපහාර

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉටුකරනු ලබන ජනතා මෙහෙවර හා ශාසනික දියුණුවට ඉටුකළ මෙහෙවර අගය කරමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අතිපුජ්‍ය මහානායක . . .

විස්තර»

රටට ආදරය කරන්නා ජනතාවටද ආදරය කරයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
 2011 මැයි 01 කොළඹ දී

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


රැකියාවෙන් ඉපැයිය නොහැකි තරම් වත්කම් උපයා ගත්තේ කෙසේද?

ශිරාණි අල්ලස් කොමිසම හමුවට

* රාජ්‍ය සේවයේ යෙදී සිටියදී විවිධ
  අල්ලස් දූෂණ ක්‍රම ඔස්සේ ධනය උපයලා

* අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට
  අනුව නිලධාරීහු විමර්ශන අරඹති

* පැමිණිල්ලේ කරුණු ඔප්පු වුවහොත්
  නඩු පැවරීමට පියවර

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියට කැඳවේ.රාජ්‍ය සේවයේ යෙදී සිටියදී අයථා ලෙස ධනය උපයා ඇතැයි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එල්ල වී ඇති පැමිණිල්ලක් අනුව ලබන සදා (18දා) කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට ඇයට මේ දැනුම් දීම සිදු කොට තිබේ.

විස්තර»

බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය අවතක්සේරු කරනවා

ජපාන නියෝජ්‍ය අගමැති

ගැටුම අවසන් වූ තැන් පටන් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති සංවර්ධනය බටහිර ජාතීන් අවතක්සේරු කර ඇතැයි ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තාරෝ අසෝ මහතා පවසයි.අසෝ මැතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ (13) පස්වරුවේ නිවී ඔටානි හෝටලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳුදා සිට ජපානයේ සිව්දින නිල චාරිකාවක නිරතව සිටී.ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන අසෝ මහතා වර්තමානයේ මුදල් අමාත්‍ය ධුරය ද හොබවයි.

විස්තර»

පාසල්වල හිතු මනාපේ මුදල් එකතු
කිරීමට බෑ

අධ්‍යාපන අමාත්‍යාංශ­‍යෙන් නව චක්‍රලේඛයක්

පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (13) චක්‍රලේඛයක් නිකුත් කළේය.2013 පෙබරවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විවිධ කාර්යයන් සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ජාතික හා පළාත් පාසල්වලට දුන් උපදෙස්වලට අනුව මේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පැවැසීය.

විස්තර»

පොදුරද මඩුලු ශ්‍රී ලංකා සමුළුව
සාමූහික තීරණයක්

පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්
කාර්යාලය කියයි

මේ වසරේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් විසින් ගත් සාමුහික තීරණයකට අනුව බව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය පවසයි. 2007 වසරේදී උගන්ඩාවේ කම්පාලා නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් ඔස්ට්‍රේලියානු අගමැති විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එය පසුගිය 2011 වසරේදී ඕස්ට්‍රේලියාවේ . . . .

විස්තර»

කොළඹ සිට මත්තලට සුඛෝ‍පභෝගී
බස් රථ 10ක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරිමට සමගාමීව ලංකා ගමනා ගමන මණ්ඩලය කොළඔ කොටුවේ සිට එම ගුවන් තොටුපළ දක්වා සුඛෝපභෝගී බස්රථ 10ක් ධාවනයට යොදවයි.මීට අමතරව කොළඔ තදාසන්න ප්‍රදේශවල හා උතුරු නැ‍ඟෙනහිර සිටද, අර්ධ සුඛෝපභෝගි බස් සේවා එම ගුවන් තොටුපළ දක්වා ධාවනය කිරීමට නියමිතය.

විස්තර»

නාවික හමුදාවෙන් තරු
පන්තියේ අවන්හල් 10ක්

සුඛෝපභෝගී තරු පන්තියේ හෝටල්වල අත්විඳිය හැකි සියලු පහසුකම් වලින් යුතු අවන්හල් හා සංචාරක නිවාඩු නිකේතන දහයක් නාවික හමුදාව මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ.කොළඹ, උස්වැටකෙයියාව, දියවන්නාව, ත්‍රිකුණාමලය, මිරිස්ස, යාපනය හා පානම ප්‍රදේශවල ස්වභාව සෞන්දර්ය හොඳින් අත්විඳිය හැකි පරිසරයේ මේවා ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

විස්තර»

කෝටි 60ක බදු වාහන විකුණූ
අයෙක් රිමාන්ඩ්

කොටි 60ක් පමණ වටිනා වාහන (48) බදු පදනම මත ලබාගෙන වෙනත් අයට විකුණා ප්‍රදේශයෙන් පලා ගොස් සිටි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව (25) දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බලපිටිය රන්දොඹේ පදිංචි උපුල් සංජීව නැමැත්තාය.

විස්තර»



ජපානයත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර හැටක් පිරීම නිමිත්තෙන් ජපානයේ ටෝකියෝහි තාමා සත්ව උද්‍යානය වෙත අලි පැටවුන් දෙදෙනකු පරිත්‍යාග කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පෙරේදා (12) සිදු කෙරිණ. එම අවස්ථාවට එක්ව සිටි ජපාන දරුදැරියන් පිරිසක් සමඟ ජනාධිපතිතුමා කතාබහක නියැළුණු අවස්ථාව. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ජපාන රජ කුමරිය වන ටකමාඩෝ ඉක්සුකෝ ද මෙහි සිටිති .
ඡායාරූපය- සුදත් සිල්වා.



 

අලියගෙ හැඩ අන්ධයාට උපමාවෙනි කියන්නේ
මානව හිමිකම් කොහොමද ඒ විදහට මනින්නේ
පොට්ටයාට ලොකුම සතා නැ හරියට පෙනෙන්නේ
ඒ වාගෙයි ජිනීවාහි අය අප ගැන සිතන්නේ