මරණ දැන්වීම්




 

කොරනේලිස් කේ. ජී. ඩී. වීරකැටිය කුඩා බිබුල ග්‍රාමයේ ගම්පති නිවසේ විසූ නැසීගිය එස්. කොඩිකාර මාතාවගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද ආරියදාස, විමලා, විනූෂා (ලේක්හවුස්) නැසීගිය මහින්දදාස සහ විජිතා යන අයගේ ආදරණීය පියාණන් වූද විමලසේන (ව්‍යාපාරික) රංජනී, මහින්ද සිල්වා (ලේක්හවුස්) වසන්ත කුමාර (ව්‍යාපාරික) ලීලා පතිරණ යන අයගේ මාමණ්ඩිය වූද, හිටපු ගම්පති විශ්‍රාමලත් කේ. ජී. ඩී. කොරනේලිස් මහතා වසර 91 ආයු වළඳා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 15 වන සිකුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. ගම්පති නිවස, කුඩා බිබුල, ජුලම්පිටිය, වීරකැටිය.
061845

නිල්මල්ගොඩ නන්දිමිත්‍ර විජේතිලක (නීතිඥ කෑගල්ල) ධම්මිකා (පෙර වනසුන්දර) යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූද සලිනි (නීතිඥ), රන්පත් (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය පියාණන්වූද, ධම්මික දසනායක (මහා ලේකම් පාර්ලිමේන්තුව), අංජලී (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, නැසීගිය සරත්, නැසීගිය භාරත, සුමේධා විජේතුංග, හේමන්ත එටිපොල හා නැසීගිය ලක්ෂමි විජේරත්න යන අයගේ ආදරණීය සොයුරාවූද, නන්දිමිත්‍ර විජේතිලක නිල්මල්ගොඩ මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2013 මාර්තු 14 (බ්‍රහස්පතින්දා) දින ප.ව. 6.00 ට කෑගල්ල ආදාහනාගාරයේදී සිදු කරන බව කාරුණිකව දැනුම් දෙමි. අවමංගල නිවස අංක 61, ක්‍රීඩාංගණ පාර, කෑගල්ල.
061527

මහින්ද බණ්ඩාර බැද්දේවෙල (විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති) නන්දසේන බැද්දේවෙල, මල්ලිකා යන අයගේ දෙටු පුත් වූද, පද්මා බැද්දේවෙල යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, නාලනී, නන්දසේන චින්තා, මාලනී, තිලක්, නැසීගිය ගැමුණු හේමාකුමාරි, නාලක යන අයගේ සොහොයුරාවූද, මහින්ද බණ්ඩාර බැද්දේවෙල මහතා හදිස්සියේ අභාවප්‍රාප්තවූයෙන් අවසන් කටයුතු 2013.03.16 වන දින පස්වරු 3.30 ට මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 372, වැවතැන්න පාර, මාලිගාතැන්න වත්ත, අම්පිටිය. 0812225558.
061530

රේනිස් පෝරඹගේ - එව්ලින් මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූද මාග්‍රට් පේමසිරි, ප්‍රේමා, සුමනසිරි (දේශීය ආදායම් දෙපාර්තමේන්තුව) ලංකා මංගලිකා යන අයගේ ආදරණීය පියාණන් වූද නැසීගිය පියසේන ලොකුපිටිය, කේ. එම්. පියදාස හේමා මුතුමිණිතිලක (වාරිමාර්ග දෙපාර්තෙමින්තුව) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද රේනීස් පෝරඹගේ මහතා අවුරුදු 95 ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බැවින් ඒ පිළිබඳ අවසන් කටයුතු 2013.03.14 දින සවස 4 ට ගොරකාන සුසාන භූමියේදී සිදු කෙරේ. 15/20, ගැමුණු මාවත, කදුරුදූව, ගොරකාන, කෙසෙල්වත්ත.
061635

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා