ඉන්දීය ඔයිල් සමාගම ගෙන්වූ පෙට්රල් ප්‍රමිතියෙන් යුක්තයි

ඉන්දීය ඔයිල් සමාගම ගෙන්වූ පෙට්රල් ප්‍රමිතියෙන් යුක්තයි

- ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය

ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් ත්‍රිකුණාමළයට යවන ලද පෙට්රල් නියමිත ප්‍රමිතියෙන් යුක්ත බව තහවුරු වු හෙයින් එම තෙල් වෙළෙඳ පලට නිකුත් කිරීමට අවසර ලබා දුන් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

රසායනාගාර නිළධාරීන් දෙදෙනකු ත්‍රිකුණාමලයට ගොස් පෙට්‍රල් සාම්පල් ලබා‍ගනිමින් එම ප්‍රෙට්‍රල් සාම්පල් ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරිපහදු රසායනාගරයේ ස්වාධීන මිණුම්කරුවකු ඉදිරියේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙළෙඳපලට නිකුත් කිරීමට අනුමැතිය දුන් බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙට්‍රික් ටොන් 16,000 ක ප්‍රමාණය ත්‍රිකුණාමලයෙන් ගොඩබෑම සඳහා නැව ත්‍රිකුණාමලයට ගිය අතර ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ත්‍රිකුණාමලය වරායෙන් ගොඩබෑම කටයුතු කරයි යන ප්‍රවෘත්තියක් හේතුවෙන් ලංකා ඛනිජතෙල් සංස්ථාව ඒ පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් නිසි ප්‍රමිතියෙන් යුතු බවට තහවුරු වු බවත් අමාත්‍යාංශය කියයි.

ඉකුත් පෙබරවාරි මස 8 වනදා ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් මෙරටට ආනයනය කළ තෙල් නෞකාවෙහි පෙට්‍රල් තොගය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ රසායනාගාර පරීක්ෂණවලට අනුව ඒවා නිසි ප්‍රමිතියතින් යුක්ත බැවින් මෙරටට ගොඩබෑමට අවසර දුන් අතර ඒ අනුව කොළඹ වරායෙන් මෙට්‍රික් ටොන් 10,000 ක් ගොඩබෑ බව අමාත්‍යාංශය පවසයි.

දේශපාලන වේදිකාවල කරනු ලබන කතා අසා බාල තෙල් වෙළෙදපලට නිකුත්කෙරේ යැයි කිසිදු අනියත බියක් ඇති කර ගත යුතු නැති බවද අමාත්‍යාංශය විසින් ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා