දරුවන් රැගෙන සිඟමනේ ගිය යාචකයන් දෙදෙනකුට 2000 බැගින් දඩ

දරුවන් රැගෙන සිඟමනේ ගිය යාචකයන් දෙදෙනකුට 2000 බැගින් දඩ

කුඩා දරුවන් උපයෝගී කරගෙන දුම්රියේ සිඟමනේ යෙදුණ යාචකයන් දෙදෙනකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අයේෂා ආප්ඩීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කුඩා දරු දෙදෙනා පානදුර හා ගංගොඩවිල ළමා නිවාස දෙකකට යැවීමට නියම කළාය.

මෙම දරු දෙදෙනා භාරව සිඟමනේ යෙදුණු යාචකයින් දෙදෙනාට රුපියල් දෙදහස බැගින් දඩ මුදල් ගෙවන ලෙසද නියම කළාය.

දඩ නියම වූ රාගම ප්‍රදේශයේ යාචකයා අවුරුදු පහක් වයසැති දරුවකු සමඟ ප්‍රධාන මාර්ගයේ දුම්රියවල සිඟමනේ යෙදී සිටියදීත්, අනික් සැකකරු මාස පහක් වයසැති දරුවකු කරපින්නා ගෙන සිඟමන් යදින අවස්ථාවේදීත් දුම්රිය ආරක්‍ෂක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. පස් මසක් වයසැති දරුවා කරපින්නාගෙන සිඟමන් යදින යාචකයා ගේ කලින් විවාහයේ දරු තිදෙනකු සිටින බවත්, දරුවන්ගේ වියදම සඳහා දිනකට රුපියල් දෙදහසක මුදලක් ලබා දෙන බවත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.

මෙම යාචක සැකකරුට දිනකට කුඩු බීම සඳහා ද රුපියල් දෙදහසක් අවශ්‍ය බවත් එම මුදල් උපයා ගැනීම සඳහා දුම්රියවල සිඟමනේ යෙදුණ බවත් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් ඉදිරියේ පවසා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා