කෝටි 60ක බදු වාහන විකුණූ අයෙක් රිමාන්ඩ්

කෝටි 60ක බදු වාහන විකුණූ අයෙක් රිමාන්ඩ්

කොටි 60ක් පමණ වටිනා වාහන (48) බදු පදනම මත ලබාගෙන වෙනත් අයට විකුණා ප්‍රදේශයෙන් පලා ගොස් සිටි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව (25) දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බලපිටිය රන්දොඹේ පදිංචි උපුල් සංජීව නැමැත්තාය. සැකකරු ඇල්පිටිය - අම්බලන්ගොඩ පොලිස් වස‍ම් දෙකේ වාහන හිමිකරුවන්ගෙන් මෝටර් රථ, ජීප් රථ සහ කැබ් රථ මසකට රුපියල් 50,000 වැනි බදු පදනම මත ලබාගෙන වාහන හිමිකරුවන්ට මාස කිහිපයක් බදු මුදල් ලබා දී එම වාහන වෙනත් අයට විකුණා ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි.

මොහුට බදු පදනම මත තම වාහන ලබා දුන් වාහන හිමිකරුවන් ඇල්පිටිය සහ අම්බලන්ගොඩ පොලිසි දෙකට පැමිණිලි තිස් නවයක් කර තිබේ. අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පලාගොස් පොළොන්නරුව ප්‍රදේශයේ සැඟවී සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (12) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අසංග බෝදරගම මහතා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා