ඔස්ට්‍රේලියා යන්න හැදූ 47ක් කුඩාමඩුවැල්ලේදී අත්අඩංගුවට

ඔස්ට්‍රේලියා යන්න හැදූ 47ක් කුඩාමඩුවැල්ලේදී අත්අඩංගුවට

නීති වි‍රෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම් වූ 47 දෙනකු මාරවිල පොලිස් වසමට අයත් කුඩාමඩුවැල්ල වෙරළ තීරයේදී ඉකුත් 13 දා අලුයම 2.00ට පමණ මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවෝ පස් දෙනෙක්, කුඩා දරුවෝ හය දෙනෙක් අත්අඩංගුවට පත් පිරිස අතර වෙති. ඔවුන් අතරින් 42 දෙනෙකු යාපනය සහ කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි අය වන අතර සෙසු පිරිස මීගමුව ප්‍රදේශයේ පදිංචි අය වෙති.

මෙම පිරිස ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථය හා වෑන් රථයක්ද වියළි ආහාර රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජාවාරම සිදු කළ ජාවාරම්කරු ද අත්අඩංගුවට ගත් අතර ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කුඩා මඩුවැල්ල වෙරළ තීරයෙන් කුඩා බෝට්ටු මඟින් මීගමුව ප්‍රදේශයේ සූදානම් කර තිබූ ටෝලර් යාත්‍රාවකට යාමට සැලසුම් කර තිබූ බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මාරවිල පොලිස් ස්ථානාධිපති චන්දන හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට පත් පිරිස මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා