අඟහරු මත ජීවීන් ඉඳලා!

අඟහරු මත ජීවීන් ඉඳලා!

නාසා ආයතනය විසින් පෙරේදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අඟහරු ග්‍රහයා මත යම්කිසි කාලයකදී ජීවීන් සිටි බව තහවුරු කෙරෙන සාක්ෂි නිරීක්ෂණය කර ඇති බවයි .ජීවයේ පදනම වන හයිඩ්‍රජන් ,කාබන් සහ ඔක්සිජන් එහි ඇති බව තහවුරු වී තිබේ .

දැනට තහවුරු වි ඇති සාක්ෂි අනුව අඟහරු ග්‍රහයා මත ජීවින් සිටියේද යන පැනයට ඔව් යන පිළිතුර දැන් ලබාදිය හැකි බව අඟහරු ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන විද්‍යාඥ මයිකල් මෙයර් ප්‍රකාශ කරයි .

මෙය අඟහරු ලොවේ ජීවින්ට හිතකර පරිසරයක් තිබූ බවට ලැබුණ මුල්ම නිශ්චිත සාක්ෂිය බව විද්‍යාඥ කණ්ඩායම පුවත්පත් සාකච්ඡාවකදි මාධ්‍යකරුවන්ට පවසා තිබේ . කියුරියෝසිටි රෝවර් යානය අති නවීන විද්‍යාත්මක උපකරණ 10 කින් සමන්විතවු වෙනත් ග්‍රහයෙක් වෙත යවන ලද ඉතාම නවීන රාබෝ යානය ලෙස සැලකේ .

අඟහරු ග්‍රහයා මත ජිවින් සිටි බව තහවුරු කරන පස් සහ ගල් සාම්පල සොයාගෙන ඇත්තේ වසර බිලියන 3 කට ඉහතදි පැවති මරිදිය විලක් පැවති භූමි භාගතකින් බව නාසා විද්‍යාඥයන් ගේ නිගමනයයි .

ඇමෙරකානු ඩොලර් බිලියන 2 .5 ක් වැයවනු ඇති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන කියුරියෝසිටි රෝවර් යානය අඟහරු ග්‍රහයා වෙත සැපත් වූයේ 2012 අගෝස්තු 6 වෙනිදායි .එහි ගවේෂණ මෙහෙවර දෑවුරුදු කාලයක් වනු ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා