ක්‍රීඩා ඇමැතිට ගෞරව නාමෝපහාර

ක්‍රීඩා ඇමැතිට ගෞරව නාමෝපහාර

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉටුකරනු ලබන ජනතා මෙහෙවර හා ශාසනික දියුණුවට ඉටුකළ මෙහෙවර අගය කරමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අතිපුජ්‍ය මහානායක අග්ග මහා පණ්ඩිත උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සී රථනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නාහිමියන් ඇතුළු මහා සංඝ සභාව විසින් ගෞරවනාමෝපහාර සන්නස් පත්‍රය පිරිනැමීම මේ මස 15දා පෙ.ව 9.00ට අස්ගිරි මහා විහාරයේදී අතිපුජ්‍ය මහානායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහජන අවශ්‍යතාවයන් මනාව වටහාගෙන ජනතා සිතුම් පැතුම් ද ඉටු කිරීමට උපරිම ලෙස කැපවු නායකයෙකු වශයෙන් අතිපුජ්‍ය සංඝරත්නයේ පැසසුමට හා ගෞරයට පාත්‍රවී ඇති අතර තවදුරටත් මහජන අවශ්‍යතාවයන් ඉටු කිරීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදීමට උදෙසා මේ ගෞරව උපහාර සන්නස් පත්‍රය ලබාදීමට අස්ගිරි මහා විහාරයීය අතිපුජ්‍ය මහා සංඝ සභාවේ තීරණය වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා