ඝාතන නඩුවක් මඟහරිමින් සිටිය සැකකරුගේ මළ සිරුර කාරියගම කුඹුරක තිබී සොයාගනී

ඝාතන නඩුවක් මඟහරිමින් සිටිය සැකකරුගේ මළ සිරුර කාරියගම කුඹුරක තිබී සොයාගනී

කොළඹ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සමඟ පෙම්සබඳතා පවත්වා එම කාන්තාවන් දෙදෙනා මාවනැල්ලට ආසන්න පෙදෙසකට කැඳවාගෙන විත් ඒ දෙදෙනාගේ රන් භාණ්ඩ හා මුදල් හදල් ද ලබාගෙන පසුව එම කාන්තාවන් දෙදෙනාම ඝාතනය කැර වසර පහකට පමණ පසුව එම අපරාධකරු සියදිවි නසාගෙන සිටියදී එම මළ සිරුර පොලිසිය විසින් සොයාගැනීමේ සිද්ධියක් වාර්තාවෙයි.

මෙම සැකකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු උස්සාපිටිය නගරයට ආසන්න තැනෙක පිහිටි කාරියගම නමැති ගම්මානයේ ජීවත්ව ඇත. පනස් හැවිරිදි තිදරු පියකු වන මොහු වස පානය කර දිවි නසාගෙන තිබේ. 2004 සහ 2007 වසරවලදී මෙම තැනැත්තා කොළඹ සිට කැඳවාගෙන පැමිණි කාන්තාවන් දෙදෙනා ඝාතනය කැර තිබේ.

ඒ පිළිබඳව අරණායක පොලිසිය විසින් පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳව අධිකරණය වෙත වාර්තා කැර කෑගල්ල මහාධිකරණය ඉදිරියේ නඩු පවරා පවත්වාගෙන ගොස් ඇතත් මිනීමැරුම් චෝදනා මගහරිමින් මෙම සැකකරු සැඟවී ජීවත්ව ඇත.

එසේ සැඟවී සිට සිය ගම්පෙදෙසට පැමිණ ඇති අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අරණායක පොලිස් ස්ථානාධිපති බුද්ධි පාදෙනිය මහතාගේ මූලිකත්වයෙන් සිදු කළ වැටලීම්වලින් මිදී පලාගොස් කාරියගම ගම්මානයේ කුඹුරක් අසල වසබී සියදිවි නසාගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා