ජාතික රෝහලේ වකුගඩු සැත්කම් යළිත්

ජාතික රෝහලේ වකුගඩු සැත්කම් යළිත්

ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ මේ වසර සඳහා වූ වකුගඩු බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම පෙරේදා(12) සිදු කෙරිණ.

බැසිලික්සිමැප් නික්ෂේපණය නොමැතිකම හේතුවෙන් රෝහලේ වකුගඩු බද්ධ කිරීම පසුගිය කාලයේදී නතරව තිබූ බව රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පැවැසුවේය.

වවුනියාවේ පදිංචි රෝගියකුට මේ බද්ධ කිරීම සිදු කර තිබෙන අතර නික්ෂේපණ හයක් රෝහලට මේ වන විට ලබා දී තිබේ.

වකුගඩු බද්ධ කිරීම සඳහා පසුගිය වසරේදී තොග ‍වශයෙන් ලබා දුන් මේ නික්ෂේපණය වර්තමානය වන විට සීමාසහිතව ලබාදීම නිසා බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට රෝගීන්ට දින ලබාදීමට නොහැකි වී ඇති බව එම වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

අඳාළ නික්ෂේපණය රෝහලේ තොග වශයෙන් පැවැතියේ නම් මසකට රෝගීන් නව දෙනකුට පමණ වකුගඩු බද්ධ කිරීම් සිදු කළ හැකි බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඖෂධය ලබා නොදීම හේතුවෙන් සැත්කම් සිදු කිරීම අකර්මන්‍ය වී ඇති බවත් හෙතෙම පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා