ඉංගිරිය තරුණයන්ගේ සහායෙන් අසරණ පවුලකට හිසට සෙවණක්

ඉංගිරිය තරුණයන්ගේ සහායෙන් අසරණ පවුලකට හිසට සෙවණක්

යමෙකු මෙලොව දුක හෝ සැප විඳීන්නේ පෙර ආත්ම භවයන්හිදී කරන ලද පින් හෝ පව් අනුව යැයි යන්න අප බොහෝ දෙනකු විශ්වාස කරන කරුණකි.

එසේ දුක හෝ සැප ලබන මිනිසාම කර්මය පරාජය කර එම දුක , සැපයට පෙරළා ගන්නා අවස්ථාවද නැතුවා ද නොවේ.

මේ පවසන්නට යන්නේද, උත්පත්තියෙන්ම කරපින්නාගෙන ආ ජීවිත දෙකක දුක , සැපයක් බවට පත් කිරීමට නිහඬව වළකන තරුණයන් පිරිසක් ගැන කතාවකි.

ඉංගිරියට නුදුරු විදෙස් මිතුගම ප්‍රදේශයේ කැළෑබද පෙදෙසක යන්තමින් අටවාගත් පැල් කොටයක දිවිගෙවන ටී. කේ. අමිල තරුණයාට සහ ඩබ්ලිව.

පුෂ්පලතා නම් ඔහුගේ මවට දුක යන්න අමුතු අරුම දෙයක් නොවේ. එයට නිවසක් යැයි කිව නොහැක.


ටී.කේ. අමිල සහ ඩබ්ලිව්. පුෂ්පලතා මව සහ පුතු තමන් සතු එකම සම්පත වන තම අබලන් ගෙපැල ඉදිරිපිට....

ඡායාරූපය - ඉංගිරිය මධ්‍යම සමූහ

අඩු තරමින් ශරීරය කෙලින් තබා දෙකට තුනට නැමීගෙනවත් ඊට ඇතුළු වීමට අපහසුය.

ස්ථිර ආදායමක් නොමැති මේ මව සහ පුතා එදා වේල සරිකරගන්නේ කාගෙන් හෝ ලැබෙන කුලී වැඩකිනි.

මෙවන් අසරණ තත්වයක දිවිගෙවන පවුලකට පිහිට වන්නට එම ගම්මානයේ තරුණයන් ඉදිරිපත්ව සිටී.

කිසිවෙකුගෙන්වත් අධාරයක් හෝ මුදල් හෝ භාණ්ඩ එකතු කිරීමට ගම වටේ නොගිය මේ තරුණ පිරිස තමන්ට හැකි පමණින් මේ අසරණ පවුලට නිවෙසක් ඉදිකර දීමට ක්‍රියා කරයි.

සතියෙන් සතිය අදියරෙන් අදියර ඉහළට එසැවෙන තම නව නිවෙසේ බිත්ති දෙස බලමින් සතුටු කඳුලු වගුරුවන අමිල සහ පුෂ්පලතා මව පුතු යුවළ අපට පැවසුවේ මෙවන් වූ තරුණයන් ගමට පමණක් නොව සමස්ත රටටම මහගු සම්පතක් බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා