හොරණ රෝහල් පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

හොරණ රෝහල් පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

හොරණ මූලික රෝහලේ සේවක සේවිකාවන්ගේ දරු දැරියන් රැක බලා ගැනීම සඳහා, රෝහල් පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටු වීමට අවධානය යොමුව ඇති බව, රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පවසයි.

රාජ්‍ය සේවයේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවන්වන බැවින් බොහෝ අවස්ථාවලදී දරුවන්ගේ කටයුතු සඳහා එම පිරිස යොමු වීම හේතුවෙන් , රැකියාවට පැමිණෙන දින ගණන අඩු වීම බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන බවත් එයට පිළියමක් ලෙස රෝහල් පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම කාලෝචිත බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා