උදයන් පුවත්පත රටේ මාධ්‍ය සදාචාරය නැත්තටම නැති කරලා

උදයන් තවමත් ජාතිවාදය අවුලන තැත අත හැර නෑ

උදයන් පුවත්පත රටේ මාධ්‍ය සදාචාරය නැත්තටම නැති කරලා

‍ජාතික සංහිඳියාවටත් තර්ජනයක්

පක්ෂ අතර මතභේද ඇතිවීම සුළු දෙයක්

- ශ්‍රීලනිප යාපනයේ ප්‍රධාන සංවිධායක අංගජන් රාමනාදන්

‘නැඟෙනහිර පාලනයෙහි මතභේද උග්‍රවෙයි, මහ ඇමැති නතර කළ වැඩසටහන ඇමැති හකීම් ආරම්භ කරයි' යනුවෙන් පසුගිය 31දා උදයන් පුවත්පත ජාතිවාදය අවුස්සන ආකාරයේ පුවතක් පළ කර තිබුණි. මේ ලිපියෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතුළත ඇති පක්ෂවල විවිධ මත ගැටුම් ඇති බව ද්වේශසහගතව පෙන්වාදීමට වෙර දරා තිබේ.

මේ පිළිබඳව යාපනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අංගජන් රාමනාදන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‍

ඕනෑම පළාත් සභාවක් ගත්තත්, තමන්ගේ පක්ෂ අතර වුවත් ම‍තභේද තිබීම පැහැදිලි කරුණක්. එය දේශපාලනයේ ස්වභාවයයි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතභේද නැතිද? වැඩිපුරම මතභේද තියෙන්නේ ඒ පක්ෂයේයි. ද්‍රවිඩ ජාතික සන්ධානය ලියාපදිචි කිරීම සම්බන්ධව දැඩි මතභේදයක් තිබුණා. එහි නායක ආර්. සම්බන්ධන් මහතා එක මතයකුත් අනෙක් කණ්ඩායම් තව මතයකුත් ප්‍රකාශය කිරීම අපට පුවත්පත් මඟින් දැකගන්නට ලැබිණි.

එනිසා නැඟෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව කටයුතු කරන පක්ෂ අතර පමණක් මතභේදයක් ඇති බව හුවා දැක්වීම ද්වේශසහගත උපාය මාර්ගයක්.

මෙහි තවත් පැත්තක් තිබේ. එනම් ද්‍රවිඩ සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගය ලබාගෙන නැඟෙනහිර පළාත් සභාවේ පාලනයක් පිහිටුවීමට උත්සාහ කළා.

මුස්ලිම් කොංග්‍රසය බුද්ධිමත්ව සිතා බලා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් එම උත්සාහය වැළකී ගියා.

ඒ තරහා පිරිමසා ගන්න මෙබඳු ඊනියා මතභේද හුවා දක්වමි අසාර්ථක දේශපාලන උප්පරවැට්ටි වල යෙදීම ද්‍රවිඩ ජාතික සන්ධානයට කත් අදින මාධ්‍ය වෙර දැරීමෙන් මාධ්‍යයේ සදාචාරාත්මක බව කෙළෙසෙනවා. එපමණක් නොව අපි ඉතා ආශාවෙන් බලා සිටින ජාතික සංහිඳයාවටත් මරු පහරක්.

අනෙක් අතින් එකම ව්‍යවස්ථා ගත පාලනය විවිධ මත විවිධ ක්‍රියාකාරකම් ඇතිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුමට ලක්ෂණයක් බව අප සියලු දෙනා මතක තබා ගත යුතුයි.

විවිධ පක්ෂවලට ඔවුන්ගේ මතවාදයන් අනුව ක්‍රියාත්මක වීමටත් ගැටුමක් ඇති නොවන පරිදි එහි අවසාන ප්‍රතිඵලය ලබාදීමටත් කටයුතු කිරීමයි වැදගත් වන්නේ.

එබඳු ප්‍රජාතන්ත්‍රීය චර්යා රටාවන් සාවධ්‍ය ලෙස අර්ථකථනය කිරීමට යාම ප්‍රායෝගික තත්ත්වයන්ට පිටුපෑමක් බව මේ අන්තවාදයට කත් අදින මාධ්‍යය ආයතනයට මතක් කර දිය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා