ලබන අප්‍රේල් වන විට උතුරු දුම්රිය යාපනය දක්වාම

ලබන අප්‍රේල් වන විට උතුරු දුම්රිය යාපනය දක්වාම

ප්‍රවාහන ඇමැති කියයි

ලබන වසරේ අප්‍රේල් වන විට උතුරු දුම්රිය යාපනය දක්වාම ධාවනය කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පවසයි.

මේ වන විට උතුරු දුම්රිය මැදවච්චිය සිට මඩු දක්වා ධාවනය කරන බවත් අගෝස්තු වන විට කිලිනොච්චිය දක්වාත් නොවැම්බර් වන විට තලෙයිමන්නාරම දක්වාත් එය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා කීය.

දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වරට මහනුවර හා කොළඹ අතර ධාවනයට එක් කළ අධි‍සුඛෝපභෝගී දුම්රියේ මංගල ගමන් වාරයට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (03) මේ බව මහනුවර දුම්රිය ස්ථානයේදී ප්‍රකාශ කළේය.

අදාළ දුම්රියේ සාර්ථකත්වය බලා ඉදිරියේදී මහජන ඉල්ලීම්ද සලකා දිවයිනේ සෙසු දුම්රිය ගමනාන්තයන් වෙතද අධි‍සුඛෝපභෝගී දුම්රිය හඳුන්වා දෙන බව හෙතෙම කීය.

ප්‍රවාහන ඇමැතිවරයා මංගල ගමන් වාරයට එක්ව

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා