මරණ දැන්වීම්

 

 

එම්. ඩී. පී. සරත්චන්ද්‍ර මහතා - කොළඹ රාජකීය විදුහලේ සහ ශා. තෝමස් ප්‍රෙප් විදුහලේ විශ්‍රාමික ගුරුවරයකු වූද, කොළඹ රාජකීය විදුහලේ රේඩියෝ සංගමයේ නිර්මාතෘ වූද, ඉලෙක්ට්‍රොනික ග්‍රන්ථ රචකයෙකු වූද, මොරටුව වේල්ස් කුමර විදුහලේ විශ්‍රාමික ගුරු මාජි සරත්චන්ද්‍ර මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂාය වූද, කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයන් වූ අජිත් සරත්චන්ද්‍ර (ඕස්ට්‍රේලියාව) උපුල් සරත්චන්ද්‍ර (ඇමරිකාව) නීතිඥ ප්‍රසාද් සරත්චන්ද්‍ර (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය පියාණන් වුද, එම්. ඩී. පී. සරත්චන්ද්‍ර මහතා 2103 ජුනි 2 දින අභාවප්‍රාප්ත විය. අංක 85/14 මඩකිස්ස පාරේ හොරේතුඩුව, කෙසෙල්වත්ත නිවසේ තබා ඇති දේහය පිළිබඳ අවසාන කටයුතු 2013 ජුනි 5 වන දින බදාදා පස්වරු 3.30 ට ගොරකාන පොදු සුසාන භූමියේදී සිදු කරන බව සියළු ඥාති හිත මිත්‍රාදීන්ට සංවේගයෙන් දැනුම් දෙමු. 122251

ගුණසේකර - ෆිලිස්, නැසීගිය වෛද්‍ය ඩඩ්ලි ගුණසේකර මහතාගේ දයාබර බිරිඳ වූද, දිමිත්‍රි, දිලිනි, ප්‍රියන්ති (ඉන්දි) විජය සහ ශිවන්ති යන අයගේ දයාබර මෑණියන් වූද ඉවෝන්, ලෙස්ලි, ඉලේන්, නැසීගිය ටෝනි නීල් සහ වොරන් යන අයගේ සහෝදරිය වූද, රාධිකා, සෙල්වා, සිමියොන් හිරන්ති සහ ඉෂාන් යන අයගේ නැන්දනිය වූද, නැසීගිය සීතා, ගොඩ්ෆ්‍රි, නැසීගිය නන්දා, සුමනා, වලේරි සහ මනලි, නැසීගිය පද්මා, නැසීගිය ප්‍රේමා, නැසිගිය සුන්දර සහ නැසීගිය වෝල්ටර් යන අයගේ නෑනා වූද නිර්මාල්, ෂියානා, සුරේන්, ධනුෂ්ක, අන්යා, දේවක, චානක සහ සේනක යන අයගේ දයාබර මිත්තණිය වූද, අමාලී සහ ඩිලන් යන අයගේ මී මිත්තණිය වූද ෆිලිස් ගුණසේකර මහත්මිය අභාවප්‍රාප්ත විය. දේහය, කොළඹ 5, ලයනල් එදිරිසිංහ මාවත අංක 7 නිවසේ තැන්පත් කොට ඇත. අවමංගල්‍ය පෙරහර ප.ව. 1 ට නිවසින් පිටත්වේ. ආදාහනය ජුනි 5 වෙනි බදාදා ප.ව. 2 ට ජාවත්ත සුසාන භූමිය, කොළඹ 7. 122480

මහාචාර්ය කේ. ආර්. එම්. ටී. කරුණාරත්න (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) නැසීගිය මංගලිකා කරුණාරත්න මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, මධුෂා (සම්පත් ලීසිං) අනුභා (ජර්මනිය), උදිත (වටවල වැවිලි සමාගම) යන අයගේ දයාබර පියාණන් වූද, බුද්ධික(ව්‍යාපාරික) නිල්කාන්ත නිශ්ශංක (ජර්මනිය) සුලෝචනා (ඩ්. ඉ. ඕ. ඛ්) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, සුජාතා (එංගලන්තය) නැසීගිය අභීතා සහ විශාඛා යන අයගේ ආදරණීය සොහොයුරා වූද, ලසිඳු, යලින්දි, සිතුන් සහ නෙතුකිගේ ආදරණීය අත්තාවූද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය කේ. ආර්. එම්. ටී කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2013 ජුනි 05 වන බදාදා රාවතාවත්ත ආදාහනාගාරයේදී ප.ව. 4.30 ට සිදු කෙරේ. දේහය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට රැගෙන යාම සඳහා පෙ.ව. 11.30 ට නිවසින් පිටත් වේ. එතැනින් ප.ව. 3.00ට පිටත්වී රාවතාවත්ත ආදාහනාගාරයට රැගෙන යනු ලැබේ. 21/2, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව. දු. ක. 0114960089. 122478

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා