ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ප්‍රථම වරට සභාපතිනියක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ප්‍රථම වරට සභාපතිනියක්

බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ට නාමයකට හිමිකම් කියන ප්‍රවීණ බැංකුකරණ නිලධාරිනියක වන ඩබ්ලිව්.ඒ. නාලිනී මහත්මිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපතිනිය ලෙසින් අද දින වැඩ භාරගනී. මේ අවස්ථාව ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ඉතා විශේෂ වන්නේ බැංකුවේ 41 වසරක ඉතිහාසයේ පළමු සභාපතිනිය බවට නාලිනී මහත්මිය පත්වීමයි.

වසර 37කට අධික බැංකුකරණ අත්දැකීම් සහිත ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ඇති අතර ආර්ථික විද්‍යාව පිළිබඳවම දර්ශනපති උපාධියක්ද ලබාගෙන තිබේ. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ නාලිනී මහත්මිය ඉන් පසුව අධ්‍යාපන ලැබුවේ කොළඹ විශාඛා විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ ආයතනයේ සභාපතිනිය ලෙස වරෙක කටයුතු කළ ඇය ලංකා බැංකුවේ මහ කළමනාකාරිනිය ලෙස විශිෂ්ට මෙහෙවරක් ඉටු කළාය. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ කමිටුවේ ද ඇය ක්‍රියාකාරී සාමාජිකාවකි.

බැංකු ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් 2009 වසරේ 'සොන්ටා විශිෂ්ටත්වයේ සම්මානය' හිමිකරගැනීමටද ඇය සමත් වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා