දිසා විනිසුරු හෝටලයට ගියේ මේසන් බාස් කෙනෙක් හොයන්නයි

‘පැමිණිලිකාරියගෙන් අල්ලස් ඉල්ලන්නවත්, ගන්නවත් අපි ගියේ නැහැ. නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මේසන් බාස් කෙනෙක් බැලීමටයි එහි ගියේ.

විස්තර»

වරායේ ගින්නට හේතුව අන්තරායක රසායනික ද්‍රව්‍යයක්

අන්තරායකාරි රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් වරාය අධිකාරියේ ගින්න ඇතිවූ බවට මෙතෙක් සිදුකරන ලද වාර්තා පෙන්වා දෙන බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

විස්තර»


‍ පාරිසරික ගැටලුවලට ලබා දෙන විසඳුම් සාධාරණ හා අපක්ෂපාත වියයුතුය‍.

ජනාධිපති මහින්ද රාජපක්ෂ 
2013 මැයි 30දා චීනයේදී



ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

වි‍නය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ යැයි හඳුනාගත්

සබරගමු සරසවි සිසුහු 47ක් ඉවතට

කොන්දේසි සහිතව විභාගවලට ඉඩ :

නිදොස් බව පෙන්වන්න කරුණු ඉදිරිපත් කළ හැකිය:

සිසු සිසුවියන් බලෙන් රැස්වීමට කැඳවලා:

පසුගිය දින කිහිපයේ වි‍නය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ බවට හදුනා ගනු ලැබු සිසුන් 47 දෙනෙකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාව ඊයේ (03) තීරණය කළේය. මෙම සිසුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණයක් ගන්නා තෙක් මෙසේ විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පාලක සභාව තීරණය කර තිබේ.

විස්තර»

පැය 24ක් යාමටත් පෙර ප්‍රමිතිය අඩු අටපිරිකර වෙළෙඳුන් 40ක් අල්ලා ගනී

අටපිරිකරේ තිබුණේ ව්‍යාජ සිවුරු හට්ටි පාත්තර

පාරිභෝගික අධිකාරිය පැය 24ක් ඉක්ම යාමටත් පෙර ප්‍රමිතියෙන් හීන අටපිරිකර අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම්වලින් ඊයේ පෙරවරු වන විට එවැනි කූ‍ට ව්‍යාපාර 40ක් සොයා ගැනීමට හැකිවී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු නියෝගය මත සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට ලබාදුන් උපදෙස් මත එම මෙහෙයුම ක්ෂණිකව ක්‍රියාත්මක කෙරුණි.

විස්තර»

පක්ෂය වෙනුවෙන් කැපවෙන ඕනෑම අයකුට නිසි ගෞරව දෙන්න ශ්‍රීලනිපය පැකිළෙන්නේ නෑ

ඇමැති නිමල් සිරිපාල උපහාර උළෙලේ දී ජනපති කියයි

පක්ෂය රැකගැනීමට කැප වන ඕනෑම කෙනකු රකින්නට, නිසි ගෞරවය ලබා දෙන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙක නොපැකිළෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. අප පක්ෂය සමඟ ආත්මීය බැඳීමක් ඇති කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සෑම විටම සිටින බව පැවසූ ජනාධිපතිවරයා නිමල් සිරිපාල ද සිල්වා ඒ අතර පෙරමුණේ සිටි දේශපාලනඥයකු බව පැවසීය.

විස්තර»

දිනමිණ පුවතට අවධානය

රියැදුරු බලපත් 600ක් ඉතාලියෙන් එවයි

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ගේ රියැ‍දුරු බලපත් එම රටවලින් යළි ඔවුන්ට ලබාදී නැති බවට 'දිනමිණ' පසුගිය දිනක හෙළි කිරීමෙන් අනතුරුව ඉතාලියට ගිය ශ්‍රී ලාංකිකයන් හයසියයකගේ පමණ රියැදුරු බලපත් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත එවා තිබේ. ඉතාලි රියැදුරු බලපත් කාර්යාලය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ රියැදුරු බලපත් තොගය එවා තිබේ.

විස්තර»

දක්ෂිණ අධිවේගී මාර්ගය කතරගම තෙක් දීර්ඝ කිරීමට ශක්‍යතා වාර්තා සැකසේ

චීන රජයෙන් දායකත්වය

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල හම්බන්තොට සහ කතරගම දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා වාර්තා සකස් කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන රජයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මේ සඳහා චීන රජයේ දායකත්වය ලබාදීමට එකඟතාව පළ කර ඇත. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට කඩිනම් ගමනාගමන පහසුකම් ලබාදීම මෙහි එක් අරමුණක් බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය.

විස්තර»

යුද ගැටුම් අවසන් වූ පසු ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම ප්‍රගතියක් අත්කරගෙන

- බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් බීබීසී යට කියයි

දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද ගැටුමකින් පසු සිව් වසරක් තුළ සෑම අංශයකින්ම ප්‍රගතියත් අත්කර ගත යුතු බවට ඇතැමුන් නගන තර්කය යථාර්ථවාදී නොවන බව, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා පවසයි.

විස්තර»

 


වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බදුල්ල විල්ස් ක්‍රීඩාංගණයේදී පෙරේදා (2) පැවැති 'තිස් වසරක අර්ථ පූර්ණ දේශපාලනයේ දෝංකාරය' සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගත් අයුරු.
ඡායාරූප - චන්දන පෙරේරා , සුදත් මලවීර

 






 

ගැමුණු මහසෙන් ආදි රජවරුන් කළ උදා
වැව්වලට වඩා ජේ‍‍.ආර්. වැව් ඇත හදා
විපක්ෂනායක කියයි - මාමණ්ඩි නම් හොදා
කියනු මැන හදපුඑක වැවක් පවතින සදා