කොළඹ පැල්පත්වාසී විසි දහසකට කඩිනමින් නිවාස ලබා දෙනවා

කොළඹ පැල්පත්වාසී විසි දහසකට කඩිනමින් නිවාස ලබා දෙනවා

- ඇමැති විමල් වීරවංශ

කොළඹ අගනුවර තුළ පමණක් නාගරික පැල්පත්වාසී ජනතාව 60000 පමණ පිරිසක් සිටින අතර ඉන් පහළොස් දහසක විසි දහසක පමණ පිරිසකට නිවාස ලබා දෙන්නට රජය අපේක්ෂා කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

සෑම වර්ෂයකම රටේ නිවාස අවශ්‍යතාවය 30000 කට වැඩි බව ඇතැම් වර්ෂවල 40000 කට වැඩි නිවාස තොගයක සංවර්ධනය වෙනුවෙන් දායක වීමට තම අමාත්‍යාංශයට අයත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියටත්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියටත් හැකියාව ලැබුණු බවමෙහිදී ඇමතිවරයා පැවසීය.

කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ප්‍රාදේශීය නිවාස කමිටු සභාපති තනතුර පිරිනැමීම වෙනුවෙන් කොළඹ ටොරින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති උත්සවයේදී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා එම අදහස් ප්‍රකාශ කලේය.

එහිදී ඇමතිවරයා මෙසේද කිය.

ග්‍රාමීය නිවාස සංවර්ධනයේ බහුතර වැඩකොටස අපේ අමාත්‍යාංශයට අයත් ඉහත දැක්වු ආයතන මගින් ඉටුකරනු ලැබුවත් තවත් ආයතන හා අමාත්‍යාංශ කිහිපයකින් මේ රටේ නිවාසකරණ වැඩසටහන දියත්කොට තිබෙනවා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය උතුරේ යුද්ධය නිසා අවතැන් වු සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා යළි පදිංචි කරවීම සඳහා පසුගිය අවුරුදු තුන තුළ නිවාස වැඩසටහන් පවත්වා ගෙන ගියා.

ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරය තුළ ජීවත්වන පැල්පත්වාසී ජනයාගේ නිවාස ප්‍රශ්නයට පිළිතුරු සෙවිම සඳහා මහල් නිවාස පද්ධතියක් ඉදිකරමින් සිටිනවා. ඒ මගින් ඉදිරි වර්ෂ දෙක තුන තුළ රණවිරුසේවා අධිකාරිය රණවිරුවන් වෙනුවෙන් නිවාසකරණයේ යෙදෙනවා. සමෘද්ධි අධිකාරිය ග්‍රාමිය දිළිදු ජනයා පෞද්ගලික බැංකුත්, පෞද්ගලික දේපළ සංවර්ධකයිනුත් මේ නිවාසකරණ වැඩසටහනට සම්බන්ධකර ගැනීමට අපට හැකිවුණා.

ඒ වාගේම අපි විදේශීය ආයෝජකයන් සමග සම්බන්ධවෙලා හෝමාගමත්, යක්කලත් මහාපරිමාණ නිවාස ව්‍යාපෘති දෙකක් ආරම්භ කරන්න කටයුතු සංවිධානය කරමින් සිටින්නේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියත් අපට ලැබිලා තියෙනවා. මේ වර්ෂය තුළ දී අපි ඒ නිවාස ව්‍යාපෘති දෙකත් ආරම්භ කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා