පලස්තීන නව රජය ගොඩනැංවීමේ වගකීම අල් නජා සරසවි ප්‍රධානයාට

පලස්තීන නව රජය ගොඩනැංවීමේ වගකීම අල් නජා සරසවි ප්‍රධානයාට

පලස්තීන ජනාධිපති මාමුද් අබ්බාස් එරට නව රජයක් සැකසිමේ කාර්යය බටහිර ඉවුරේ නැබ්ලුස් නගරයේ අල් නජා විශ්වවිද්‍යාලයේ ප්‍රධානී රාමි හම්දල්ලා වෙත පවරා ඇති අතර ඔහු එම කාර්ය බාරගන්නා බව ප්‍රකාශ කර තිබේ.

පලස්තීන මුදල් ඇමති ධුරය සම්බන්ධයෙන් අබ්බාස් සමග දිගුකලක් තිස්සේ පැවති මත‍භේදයන් හේතුකොටගෙන ඉකුත් අප්‍රේල් 13 මුදල් ඇමති ෆේයාඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඔහු වෙනුවනට අනුප්‍රාප්තිකයෙකු සොයාගැන්මේ අවසන් කාල සීමාව එළඹි පෙරේදා ජනාධිපතිවරයා මෙම ක්‍රියාවට අනුගතව තිබිණ.

අබ්බාස්ගේ ෆටා පක්ෂයේ සාමාජිකයකු වන හම්දල්ලා, මධ්‍ය මැතිවරණ කොමිසමේ හා පලස්තින කොටස් වෙළෙඳපොළේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇති අතර ඉදිරි දින කීපයේදී නව රජය සකසන බව කියා තිබේ.

එ හිදී බැහැරවන රජයේ ඇමතිවරුන් වැඩි සංඛ්‍යාවක් යළි එම ධුරයන්ම දරනු ඇති අතර මුදල් ඇමතිවරයකු අලුතින් නම් කරන බව ඔහු වැඩිදුරටත් කියා ඇත.

ෆටා පක්ෂය හා ප්‍රතිවාදී ඉස්ලාමිය හමාස් ව්‍යාපාරය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව දිගුකලක ප්‍රමාදයක්ව පවතින සමගි රජයක් ගො‍ඩනැගීම තම නායකත්වයෙන් යුතුව සිදුකිරීමේ සාකච්ඡා අරඹා ඇති බව ඉකුත් අප්‍රේල් 27 දා අබ්බාස් ප්‍රකාශ කර තිබිණ.

පලස්තීන නීතියට අනුව රජයක් ගොඩනැගීම අරඹා සති 3-5 අතරදී එය නිමාවිය යුතු අතර පෙරේදා වනවිට එම කාලය අවසන්වි තිබිණ.

ෆටා-හමාස් ගිවිසුමට අනුව සමගි රජයක් ගොඩ නැගෙන තෙක් පවත්නා භාරකාර රජයේ කාල සීමාව ඉකුත්වත්ම නව කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුව ඇති බව ද සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා